ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම
  5. ව්‍යාපාරනාම ලියාපදිංචි කටයුතු
  6. පරිපාලන කටයුතු
  7. පු.ලි.දේ. හැදුනුම්පත් සම්බන්ධ කටයුතු

සමාජ සේවා අංශය

දැක්ම

සහන සහ පුනරුත්ථාපනය ලබා දීමෙන් සහ මිනිසුන් පීඩාකාරී තත්ත්වයන්ට පත්වීම වැළැක්වීමට පසුබිමක් නිර්මාණය කරමින් සමාජ සංවර්ධනය සඳහා අවාසි සහගත සහ දුක් විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කිරීම.

ප්‍රධාන කාර්යයන්
  1. අස්වැසුම කටයුතු
  2. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  3. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  4. වියළි සලාක ලබා දීම.
  5. මහජනාධාර/රෝගාධාර ගෙවීම
  6. අනියම් සහනාධාර ගෙවීම (ස්වභාවික ආපදා සහන)
  7. නිවාසාධාර/වැසිකිළි ආධාර හා ස්වයං රැකියාධාර (ආබාධිත හා මහජනාධාරලාභින් සදහා)
  8. වැඩිහිටි නිවාසගත කිරීම
  9. විශේෂ අවශ්‍යතා ඇති අය සදහා වූ නිවාසයකට ඇතුළත් කිරීම
  10. ආබාධිත පුද්ගලයින් සදහා විශේෂ හැදුනුම්පත් නිකුත් කිරීම
  11. කාන්තා කටයුතු, ළමා කටයුතු, විදේශගත කාන්තා කටයුතු
  12. ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
  13. ආබාධිත ජීවනාධාර ගෙවීම සහ පසුවිපරම්
  14. වකුගඩු ජීවනාධාර ගෙවීම සහ පසුවිපරම්
  15. ආබාධිත සහිත පුද්ගලයින් වෘත්තීය පුහුණුව සදහා යොමු කිරීම
  16. ආබාධිත සහිත පුද්ගලයින් සදහා පුනුරුත්ථාපන හා සුභසාධන කටයුතු
  17. ජනාධිපති අරමුදලෙන් ආධාර දීම.
  18. ප්‍රජා විශෝධන කටයුතු
  19. උපදේශන කටයුතු

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම
  5. කොට්ඨාශය තුළ තොරතුරු ඇතුලත් සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම

ගිණුම් අංශය

දැක්ම

රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම

ප්‍රධාන කාර්යයන්
  1. මූල්‍ය කළමනාකරණය
  2. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  3. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  4. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම
  5. විගණන විමසුම් මෙහෙයවීම
  6. මුල්‍ය  ප්‍රකාශන සැකසීම
  7. ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. වැඩි විස්තර මෙතනින් බලන්න


විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
  3. විශුාමිකයන් සදහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

 

සමෘද්ධි අංශය‍

දැක්ම  දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ප්‍රදේශයක් බිහි කිරීමට සක්‍රිය දායකත්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්

සහනාධාර කටයුතු

  1. ආයතනගත ප්‍රතිලාභීන් සහදා සහනාධාර ලබාදීම
  2. අනිවාර්ය ඉතිරිකිරීම් වැඩසටහන්

සමාජ ආරක්ෂණ කටයුතු

  1. සිප්දොර ශීෂ්‍යත්ව වැඩසටහන

සමාජ සංවර්ධන කටයුතු

  1. සෞභාග්‍යා නිවාස වැඩසටහන
  2. මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන
  3. සියදිවි නසාගැනීම් අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  4. අඩු ආදායම් දරුවන් සදහා පාසල් උපකරණ හා පොත්පත් ලබාදීම
  5. මුල් ළමාවිය දරුවන් පෝෂණ ආහාර රටාවකට යොමු කිරීම
  6. ජාත්‍යන්තර මත්විරෝධී කොඩි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  7. ළමා සමාජ පිහිටුවීම හා ළමා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ කටයුතු

  1. පුහුණු කිරීම්
  2. පවුල් සැලසුම් සකස් කිරීම්
  3. අවශ්‍ය සහය සේවාව ලබාදෙමින් සවිබල ගැන්වීමේ කටයුතු

බැංකු කටයුතු

  1. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්, රාජ්‍ය සේවකයින් සදහා අඩු පොලී ණය ලබාදීම
  2. ගෘහ ඒකක, යටිතල පහසුකම්, සබැදි ණය, සේවක පාරිභෝගික ණය ලබාදීම
  3. චක්‍රීය ණය ලබාදීම
  4. පාරිභෝගික ණය ලබාදීම
  5. ජීවනෝපාය සංවර්ධන ණය ලබාදීම
  6. අරුණළු ණය ලබාදීම
  7. සමෘද්ධි සම්පත ණය ලබාදීම

 

 

News & Events

01
සැප්2026
දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය,...

18
සැප්2025
GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල...

Scroll To Top